මහනුවර පෙරහර පරිශ්‍රයේ ජංගම වෙළෙඳුන් අසීරුතාවක: අවසර පත්‍ර ලබාගත්තද වෙළෙඳාමට බාධා

(අසේල කුරුළුවංශ)

පෙරහර ගමන් ගන්නා පරිශ්‍රයේ වෙළෙඳාම් කිරීම සඳහා මහනුවර මහ නගර සභාවට රුපියල් 2380 ක මුදලක් ගෙවා ලබාගත් අවසර පත්‍රයෙන් පස්වරු 3.00 දක්වා පමණක් වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබා දීමෙන් තමන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව ජංගම වෙළෙන්දෝ පවසති.

මෙයට පෙර අවස්ථාවල පෙරහර ආරම්භ කිරීම දැනුම් දෙමින් පළමු වෙඩිල්ල පත්තු කරන තෙක් තමන්ට වෙළෙඳාම් කිරීමට අවස්ථාව ලබාදුන් බවත් මෙවර ජනතාව පෙරහර වීදි වලට අවතීර්ණ වීමටත් පෙර පෙරහර පරිශ්‍රයෙන් තමන් ඉවත් කිරීමෙන් කිසිදු වෙළෙඳාමක් කිරීමට නොහැකි වී තිබෙන බවත් ඔවුහූ පෙන්වා දෙති.

පෙරහර නැරඹීම සඳහා ජනතාව වීදි වලට පැමිණෙන්නේ පස්වරු 3.00 න් පසු බවත් එම වේලාව වනවිට පෙරහර වීදි වලින් තමන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගන්නා බවත් ජංගම වෙළෙඳුන් මේ සම්බන්ධයෙන් නගර සභාව හා පොලිසිය සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පැවසූහ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading