කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මගින් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා ණය මුදලක් නිකුත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රුපියල් මිලියන 7500ක පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය හිමිවී ඇත.
එම පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධයෙන් වූ යෝජනාව අද (අගෝස්තු 21) පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති අතර ඒ විෂය භාර ඇමති ලාල් කාන්ත විසිනි. එම පරිපූරක ඇස්තමේන්තුව සඳහා ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවද එහි සඳහන් කර තිබේ.
පරිපූරක ඇස්තමේන්තුව මගින් සුළු හා මධ්‍ය පරිමාණ මොල් හිමියන්ට ලබදෙන ණය මුදල පොලී රහිත ණයක් වශයෙන් ලබාදීමට නියමිත අතර එම ණය බැංකු හරහා නොව කෙළින්ම එම මෝල් හිමියන්ට ලබාදීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇමති ලාල් කාන්ත පැවසුවේ ලබාගත් ණය හේතුවෙන් එම මෝල් හිමියන්ට බැංකු මගින් ණය ලබා නොදීම හේතුවෙන් රජය මෙම ණය මුදල ලබාදෙන බවයි.
