රුපියල් කෝටි 7කට වඩා වැඩි වටිනාකමක් ඇති ඉඩම් පහක් අයථා ලෙස අත්කර ගැනීම සම්බන්ධයෙන් මුදල් විශ්ුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 10 වැනිදා දක්වා කල් දමා ඇත.
ඒ පිළිබඳ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග හමුවේ අද (අගෝස්තු 20) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ කොළඹ මහාධිකරණයේ ඇති වෙනත් නඩුවක් සඳහා පෙනී සිටින බව හා ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතාට ඔහුගේ නැන්දම්මාගේ මරණය හේතුවෙන් පැමිණීමේ හැකියාවක් නැති බවට වූ කරුණු සලකා බැලීමෙන් පසු එසේ එම නඩුව කල් දමා තිබේ.
වෙනත් දිනයක් ලබාදෙන ලෙස විත්තිය කළ ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර විරුද්ධ නොවන බවද අධිකරණයට දැනුම් දී ඇත.
