එක්නැලිගොඩ නඩුවේ මුරලිගේ සාක්ෂියට එරෙහිව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ 4 වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට එරෙහිව එම නඩුවේ විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ බව අද (අගෝස්තු 20) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ විත්තියේ නීතිඥයින් විසින් දැනුම් දී ඇති අතර ඒ අනුව 4 වන සාක්ෂිකරුවන සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලිගෙන් නැවත සාක්ෂි ලබාගැනීමට නොහැකි බවට විත්තියේ නීතිඥයින් කරුණු දක්වා ඇත.

එම අභියාචනය බාර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව හා සෙසු සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පිළිබඳ තීන්දුව සැප්තැම්බර් 04 වැනිදා නිකුත් කරන බව එහිදී ත්‍රිපුද්ගල මහාධිකරණය දැනුම් දී ඇත.

4 වන සාක්ෂිකරු ඔහු මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ලබාදුන් සාක්ෂිය නැවත ලබාදිය යුතු බවට ඉල්ලීමක් කර තිබූ අතර ඒ ඔහු විත්තිකරුවන්ගේ බලපෑම් මත එම සාක්ෂි ලබාදුන් බව සඳහන් කරමින්ය. ඒ පිළිබඳ කරුණු සලකා බැලීමෙන් පසු එම සාක්ෂිකරුට නැවත සාක්ෂි ලබාදීම සඳහා පසුගිය නඩු දිනයේදී අධිකරණය අවසර ලබාදී තිබුණි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading