මහාධිකරණ විනිසුරුවරුන් 17 දෙනෙකුගේ පුරප්පාඩු 17 ක් මේ වනවිට පවතින බවත් එම පුරප්පාඩු පිරවීමට ආණ්ඩුව මෙතෙක් පියවර ගෙන නැතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී පෙරේරා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ අද (අගෝස්තු 21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අදහස් දක්වමින්ය.
එහිදී අජිත් පී පෙරේරා මන්ත්රීවරයා අවධාරණය කළේ එසේ බමහාධිකරණ විනිසුරුවරුන්ගේ පුරප්පාඩු නොපුරවා ඇති ආණ්ඩුව මහාධිකරණයට තවත් විනිසුරුවරුන් 10 දෙනෙකු වැඩි කිරීම සඳහා අධිකරණ සංවිධාන පනත් සංශෝධනය මගින් යෝජනා කර ඇති බවයි.
