කෙහෙළිය ආයෙත් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (18) දින අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවා යමින් පුද්ගලයින් 06 දෙනෙකු සේවයට බඳවාගෙන රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතියට මිලදී ගෙන බෙදාහැරීමේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මීට පෙරද කෙහෙළිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම් සහ අනීතික පත්වීම් ලබාදීම් පිළිබඳවද විගණන වාර්තා සහ පැමිණිලි ගණනාවක් විවිධ ආයතන මඟින් විමර්ශනයට ලක් කර තිබුණි.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading