අකිලට හා සේවකයාට ඇප, විදේශ ගමන් තහනම්

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද හිටපු ඇමතිවරයකු වන එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් හා ඔහුගේ ඉන්ධන පිරවුම් හල් සේවකයාට ඇප ලබාදී තිබේ.


කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (අගෝස්තු 18) දින ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙසේ ඇප ලබාදී තිබේ.


එක් සැකකරුවකු සඳහා රුපියල් ලක්ෂ 5ක් බැගින් වන පුද්ගල ඇප දෙකක් මත ඇප මත මුදා හැරීම සිදුකර ඇති අතර ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.


අකිල විරාජ් කාරියවසම් මහතාව අත්අඩංගුවට ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු සඳහා යැයි බඳවා ගෙන ඔහුගේ ඉන්ධන පිරවුම් හලේ සේවයට රජයේ සේවකයන් යොදා ඩගැනීම සම්බන්ධයෙන් වන අතර ඔහුගේ ඉන්ධන පිරවුම් හල් සේවකයා අත්අඩංගුවට ගෙන තිබුනේ එයට අධාර අනුබල දීම යටතේය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading