ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට මහතා අද (අගෝස්තු 18) පත් කර තිබේ. ඒ එම ධුරයේ මෙතෙක් කටයුතු කල බුද්ධික හේවාවසම් මහතා පෞද්ගලික සහ වෘත්තීය හේතූන් මත ඊයේ දින සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
මෙහි විශේෂත්වය වන්නේ, හිටපු සභාපති බුද්ධික හේවාවසම් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී එක් දිනක් තුල සංචාරක, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මෙම පත් කිරීම සිදු කර තිබීමයි.
