නෙට් බෝල් පරාජයට හේතු ලේකම් හෙළිකරයි

හොංකොංහීදී පැවති 14 වැනි ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මැලේසියාවට එරෙහිව තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ ලේකම් දමයන්ති ජයතිලක මහත්මිය දැඩි කණස්සල්ල පළ කර ඇත.

වසර දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයක් නිසි ලෙස ක්‍රියාත්මකවී නොතිබීම, ක්‍රීඩිකාවන් 12 දෙනෙකු සිටියදී “මට ඉන්නේ ක්‍රීඩිකාවෝ 9 දෙනයි” යැයි පවසමින් පුහුණුකාරිනිය කණිෂ්ඨ ක්‍රීඩිකාවන්ට අසාධාරණ ලෙස සැලකීම සහ ඇයගේ වගකීම් විරහිතභාවය මෙන්ම, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේ විනය විරහිත හැසිරීම් හේතුවෙන් කණ්ඩායමේ සමගිය සම්පූර්ණයෙන්ම බිඳී ගොස් ජ්‍යෙෂ්ඨයින් විසින් කණිෂ්ඨයින් කොන් කිරීම මෙම පසුබෑමට බලපෑ බව ලේකම්වරිය පෙන්වා දෙයි.

මීට පෙර 6 වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ජයග්‍රහයන කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading