ආණ්ඩුවේ ප්‍රමුඛතාව නැකත් සීට්ටුවට – ලබන අවුරුද්දේ එක දැන්ම දෙයි..

(අසේල කුරුළුවංශ)

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධව පසුගිය වතාවේ ඇතිවූ අර්බුදකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන සිංහල අලුත් අවුරුද්දට මාස 08 පමණ තිබියදී නැකැත් සීට්ටුව සකස්කර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පිළිගැන්වීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා 2027 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහනාමියන්ට අද (24) පස්වරුවේ පිළිගැන් වූවේය.

ජාතික නැකත් කමිටුව 19 දෙනෙකු ගෙන් සමන්විතව බව නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

පසුගිය සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් සකස් කළ නැකැත් සීට්ටුව පිළිබඳව ජ්‍යෙතිෂවේදීන් අතර ඇතිවූ මතභේද හේතුවෙන් ජනතාවද අපහසුතාවට පත්වූ බවත් මෙවර එවැන්නකට ඉඩ නොතබමින් සියලු දෙනාගේ එකඟතාව මත නැකැත් සීට්ටුව පිළියෙළ කළ බවත් ඒ මහතා කීය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading