ඩොලර් බිලියනයක් හොරෙන් පිටකිරීම බැංකු කළමනාකරුවන් 4ක් අත්අඩංගුවට

නීති විරෝධි ආකාරයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් විදේශ රටවලට රැගෙන යෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතර දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කළමනාකරුවන් ඔවුන් සේවය කළ පෞද්ගලික බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇති අතර එය ඒ ආකාරයේ අත්අඩංගුවට ගැනීමක් කළ පළමු අවස්ථාව බව පොලීසිය සඳහන් කරයි.

නීති විරෝධී ආකාරයට ඇමරිකානු ඩොලර් විදේශ ගතකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම ජාවාරම මෙහෙයවූ පුද්ගලයා විසින් මෙම බැංකු කළමනාකෙරුවන්ට සතිපතා රුපියල් තිසි දහසක් සිට රුපියල් ලක්ෂය දක්වා මුදලක් ලබාදී ඇති බවයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading