උද්ධමනය 5% ඉලක්කගත මට්ටමට වඩා ඉහළ යා හැකියි- මහ බැංකුව

රටේ මතුපිට උද්ධමනය නුදුරු කාලීනව සියයට 5ක ඉලක්කගත මට්ටමට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව 2026 අගෝස්තු මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ මූලික පුරෝකථන වශයෙන් සඳහන් කරයි.

එමෙන්ම සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහාය ඇතිව මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ ස්ථායි වුන ඇතැයි අපෙක්ෂා කරන බවද එහි සඳහන් කර තිබේ. එම අපේකෂිත උද්ධමන ගමන් මග මැදපෙරදිග කලාපයේ අර්බුදකාරි තත්වයේ බලපෑම් සහ එමඟින් ඇතිකරන වක්‍ර බලපෑම් තාවකාලික මෙන්ම ක්‍රමයෙන් පහව යනු ඇතැයි යන උපකල්පනය මත පදනම් වන බවද ඒ සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ භූ දේශපාලනික අර්බුදකාරි තත්වය හේතුවෙන් ඇතිවන ආර්ථික බලපෑම්වල තීව්‍ර බව පෙර අපේක්ෂා කළ මට්ටමට වඩා අඩු වීම මාධ්‍යයේ නුදුරු කාලීන වර්ධන අපේක්ෂා වැඩි දියුණු වීමත් සමඟ ආර්ථික වර්ධන ඉදිරි දැක්ම සාපේක්ෂ වශයෙන් ස්ථායිව පවතිනු ඇති බවත්, ඒ අනුව පෙර වසරවල වාර්තා කළ ආර්ථික වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගනිමින් 2026 වසරේ ආර්ථික වර්ධනය 4% සිට 5% දක්වා පරාසයේ පවතිනු ඇතැයි පුරෝකථනය කළ හැකි බවත් සඳහන් කර ඇත.

එසේ වුවද භූ දේශපාලනික ප්‍රවණතා සහ වෙනස් වන දේශීය සහ විදේශීය තත්ව මෙන්ම දේශගුණික අවදානම් මගින් ඇතිවිය හැකි බලපෑම් හේතුවෙන් ඉදිරි දැක්ම පිළිබඳ තවදුරටත් ඉහළ අවිනිශ්චිතතා පවතින බවද එහි අවධාරණය කර තිබේ.

Author

Related Posts