දුම්බරට ගෙනා මීගමුවේ රැඳවියන්ගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි!

අසේල කුරුළුවංශ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයට පැමිණ මීගමුව බන්ධනාගාරයේ සිදුවීමට අදාළව රැඳවියින් පිරිසකගෙන් ඊයේ (15) දිනයේදි ප්‍රකාශ ලබාගෙන තිබේ.

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් පසු පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයට පිරිමි හා කාන්තා රැඳවියන් 400 ක පමණ පිරිසක් මාරුකර එවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් රැඳවියින් පිරිසකගෙන් පැය 06 ක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශ ලබාගෙන තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණ නියෝගයක් මත මෙම රැඳවියන් අධිකරණ වෛද්‍ය නිලධාරි පරීක්ෂණයකටද යොමු කර තිබේ.

අදාළ පරීක්ෂා කිරීම් මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ සිදුකර ඇත.

Author