‘පොඩ්ඩි’ අත්අඩංගුවට – ලක්ෂ 570ක දේපළ තහනම්

කොළඹ 14, ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචිව සිටිමින් දීර්ඝ කාලයක සිට සිදුකරන ලද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් රුපියල් කෝටි 5 හමාරකට (ලක්ෂ 573කට) අධික වටිනාකමකින් යුතු දේපළ හා වත්කම් උපයාගැනීමේ චෝදනාව මත 53 හැවිරිදි සැකකාරියක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඇය පොඩ්ඩි නමින් හඳුන්වන ලද කාන්තාවක් බව වාර්තා වේ. 2026 අගෝස්තු 13 වන දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් අයථා ලෙස වත්කම් උපයාගන්නා බවට පොලිස්පතිතුමා වෙත ලැබුණු තොරතුරකට අනුව, ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම පැමිණිල්ල 2021 මාර්තු 31 වන දින නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත යොමු කෙරිණි.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ අදාළ කොට්ඨාසය මඟින් කරුණු අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඇය සතු දේපළ හා වත්කම් තහනම් කිරීමට (ක්‍රියා විරහිත කිරීමට) පියවර ගන්නා ලදී. පසුව මීගමුව සහ කොළඹ මහාධිකරණ මඟින් එම දේපළ තහනම් කිරීමේ නියෝග තවදුරටත් දීර්ඝ කර ඇත.

විමර්ශනවලදී අදාළ සැකකාරිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදලින් ලබාගෙන ඇති බවට තහවුරු වූ දේපළ මෙසේය:

  • ජා ඇල ප්‍රදේශයේ ලක්ෂ 14 ක් වටිනා පර්චස් 8.66
  • ඉඩමබැංකු ගිණුම් 06 ක ගිණුම් ගත කර තිබූ රුපියල් ලක්ෂ 59 ක මුදල
  • කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 225 ක් වටිනා කඩ කාමර 03
  • කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 75 ක් වටිනා කඩ කාමර 01
  • කොළඹ 14 ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 200 ක් වටිනා තෙමහල් නිවස සහිත ඉඩම

අත්අඩංගුවට ගත් 53 හැවිරිදි සැකකාරිය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading