රත්මලානේ සයිමා පල්ලේකැලෙන් බූස්සට…

(අසේල කුරුළුවංශ)

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන ධනුෂ්ක කෞෂල්‍ය නොහොත් රත්මලානේ සයිමා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අනතුරුව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි ඔහු බූස්ස බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරින් පියවර ගෙන ඇත.

මැලේසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයෙන් ලබාගත් පැය 48 ක රැඳවුම් නියෝගය මත පේරාදෙණිය පොලීසියේ රඳවා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇත.
අදාළ රැඳවුම් නියෝග කාලය අවසන් වීමෙන්ප සු (12) පස්වරු 2.00 ට පමණ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

රත්මලානේ සයිමා නැමැති සැකකරුට තායිලන්තයේ සහ මැලේසියාවේ හෝටල් ව්‍යාපාර ගණනාවක් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇත.

අවුරුදු 15 හා 08 වයසේ පසුවන ඔහුගේ දරුවන් දෙදෙනා මැලේසියාවේ අධ්‍යාපනය ලබන බව පොලීසිය පවසයි.

Author

Related Posts