උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවූ ප්‍රචාරයක් ගැන විශේෂ නිවේදනයක්!

2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ හෙට (14) දිනයට අදාළ ප්‍රශ්න පත්‍ර කිසිවක් පිටවී නොමැති බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.

අම්බලන්තොට විභාග මධ්‍යස්ථානයකදී හෙට දිනයට අදාළ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට පවසමින් අද දින සමාජ මාධ්‍ය ජාලයන්හි පුවතක් වේගයෙන් සංසරණය වෙමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එහෙත් එම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් හෙට දිනයට අදාළ කිසිදු විෂයක ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැති බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

එබැවින් සැලසුම් කළ පරිදිම හෙට දින දිවයින පුරා පිහිටි සියලුම විභාග මධ්‍යස්ථානවලදී සාමාන්‍ය පරිදි අ.පො.ස. (උසස් පෙළ) විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

නොමග යවනසුලු මෙවැනි අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ගෙන් සහ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading