විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව පුළුල් විද්වත් සාකච්ඡාවක් සිදුකර ඉදිරියේදී තීරණයක් ගන්නා මෙන් අද (12) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.
ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජීව් අමරසූරිය මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවත්, එම සාකච්ඡාවෙන් පසු අදාළ තීරණයේ වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.
සාකච්ඡාවෙන් පසු රජීව් අමරසූරිය මහතා මාධ්‍ය වෙත කළ අදහස් දැක්වීම පහත දැක්වේ.
“අපි අතිගරු ජනාධිපතිතුමාට කතා කරා. අපේ නීතීඥ සංගමයේ මේ අපේ ස්ථාවරය ගැන මම හිතන්නේ පළවෙනි වතාවට අපි අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් හමුවුණේ. අපි ඉල්ලලා තිබුණා සාකච්ඡාවක් මේ කාලෙකට ඉස්සරවෙලා. ඉතින් අපි එතුමාට පැහැදිලි කරලා දුන්නා ඇයි නීතීඥ වෘත්තිය, අර විනිසුරුතුමන්ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්නේ කියලා. ඒ පැහැදිලි කිරීම සඳහා අපේ නියෝජිත පිරිසේ (Delegation) මම හිතන්නේ විසි ගාණක් හිටියා. ජනාධිපති නීතීඥවරු, නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරු, මහාචාර්යවරු, සාවිත්‍රි ගුණසේකර, ලාල් විජේනායක වගේ සියලු දෙනාම සම්බන්ධ වුණා.
ඉතින් අපි එතුමාට පැහැදිලි කරා අපේ ස්ථාවරය. එතුමාත් එතුමාගේ ස්ථාවරය සහ අදහසත් අපට නිදහසේ (freely) කියා දුන්නා. අපි අන්තිමට ඉල්ලීමක් කරා මේ වගේ වෙනස්කමක් කරනකොට පුළුල් විද්වත් සාකච්ඡාවකින් පසුව තමයි අවශ්‍ය පියවර ගත යුතුයි කියලා. මේක කවුරුත් කාටවත් විරුද්ධ වෙන දෙයක් නෙවෙයි, මේක සටනක් නෙවෙයි. අපි සියලු දෙනාම මේසයක් වටේ ඉඳගත්තා. අදහස් පැති දෙකකින් ඉදිරිපත් වුණා. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතීඥ වෘත්තියේ මතයක්, අනිත් පැත්තෙන් අතිගරු ජනාධිපතිතුමාගේ අදහසත්.
ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද දින සාකච්ඡාව ඉදිරියට ගිහිල්ලා පුළුල් විද්වත් සාකච්ඡාවක් වෙලා, නීතීඥ සංගමය විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉන්නවා, මේ ගැන පර්යේෂණ කරපු අය ඉන්නවා, වෙන වෙන වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා… සියලු දෙනාගේම අදහස් අරන් මේ තීරණය ගැන නැවත හිතලා බලලා හරි තැනකට එන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
මාධ්‍යවේදිනියක ප්‍රශ්නයක් යොමු කරමින් මෙසේ විමසුවාය. “සභාපතිතුමා මේ ව්‍යවස්ථා සංශෝධනයත් සමග අගවිනිසුරුවරයා පුද්ගලිකව මූලික කරගනිමින් යම් යම් අපහාසාත්මක ප්‍රකාශයන් නිකුත් කරනවා ඇතැම් පාර්ශව. ඒ සම්බන්ධව නීතීඥ සංගමය ඇයි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ?”
“නෑ එහෙම නිහඬ ප්‍රතිපත්තියක් නෑ. ප්‍රථමයෙන්ම ඔබතුමිය මේ අමාරුවෙන් මෙතන ප්රශ්නය අහන්නේ. නමුත් නෑ එහෙම නිහඬ ප්‍රතිපත්තියක් නෑ. අපි හැම වෙලාවෙම කාටවත් පෞද්ගලිකව විවේචනය කරන එක වැරදියි. මට ඔබතුමිය අනිත් ප්රශ්නය අහන්න ඕන, දැන් සතියක් දෙකක් තිස්සේ මටත් එනවා ඔය වගේ විවේචන. දිගට හරහට මඩ ප්‍රහාර. මං ගැනත් තව මුකුත් ප්‍රකාශයක් වෙලා නෑ. ඇත්තටම විනිසුරුතුමන්ලා කවුරු වුණත් ඒ එන එහෙම ඒ වගේ කියන එක වැරදියි. නමුත් මෙතන වෙලා තියෙන්නේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ සම්බන්ධයෙන් විනිසුරුතුමන්ලාගේ සම්බන්ධයෙන් කතාබහට ලක්වෙලා තියෙනවා. කතාව තියෙන්නේ එතන. මටත් දැන් ඔය ව්‍යාජ ගිණුම් (fake accounts), බොට්ස් (bots) වලින් එන විවේචන එනවා නේද, ඒක වැරදියි.”
මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමු කරමින් මෙසේ විමසීය. “සභාපතිතුමා ගැසට් කරලානේ තියෙන්නේ දැන්. දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ එතකොට?”
“ඔබතුමා එහෙම කියන්නේ මොකද? ඒකෙ තියෙනවනේ වෙන වෙන ක්‍රම. අපි බලමු, ඒක පියවරෙන් පියවර (step by step) යමු. නමුත් අද අපි සාකච්ඡාවක් කළා. මම හිතන්නේ ඒක හොඳ සාකච්ඡාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම ආණ්ඩුව සතු දෙයක්. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලය තියෙනවා. ඉතින් ඒකට විරුද්ධ වෙලා අපිට ඒක වැරදියි කියලා කියන එක අපේ අයිතිවාසිකම. මම හිතන්නේ අද සාකච්ඡාවෙන් පස්සේ මේක හොඳ අතකට හැරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
“අපි කතාව වුණා. අපි අද හමුවුණේ වෙන කවුරුත් නෙවෙයි අතිගරු ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අපි දන්නවා විධායක බලය හොබවනවා. එතුමාත් පරිණත නායකයෙක්, පරිණත දේශපාලඥයෙක්. නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන අවුරුදු ගාණක් එතුමා සටන් කරලා තියෙනවා, පාරටත් බැහැලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා කොහොමද ඒක වෙන්නේ කියලා.”
