පුනරුත්ථාපන පනත සංශෝධනයට

2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

එසේම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ ඇතිවී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරින් කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන කටයුතු කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අගෝස්තු 10 වැනිදා ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදීය.

Author

Related Posts