කාදිනල් හිමිගෙන් පාස්කු ප්‍රහාරය ගැන නිවේදනයක්

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු හෝ මහ මොළකරුවන් හා සෙසු සියලු පාර්ශවකරුවන් හෙළිකර ගැනීම සහ රටේ නීතියට අනුව වින්දිතයින් හට යුක්තිය ඉටුකර දීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීම කොළඹ අගරදගුරු පදවියේ දැඩි අපේක්ෂාව බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ අගරදගුරු පදවිය පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයින් සමඟ පූර්ණ සහයෝගීතාවයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් එම නිවේදනය නිකුත් කර ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතක සිට සිදුවෙමින් පවතින සංවාදාත්මක කරුණු සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කිරීමක් ලෙසිනි.

රටේ ඕනෑම ආගමික වන්දනා ස්ථානයක හෝ වෙනත් ඕනෑම ස්ථානයක හෝ තවදුරටත් සිදුවිය හැකි සංවිධානාත්මක හෝ අන්තවාදී ප්‍රහාර වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවට සවිඥානක වන බවද, බලයේ සිටින සියල්ලන් එවැනි ව්‍යසනයක් කිසිවකුට හෝ සිදුවීම වැළැක්වීමට සැමවිටෙකම උපරිම උත්සාහයක් ගත යුතු බවද එහි සඳහන් කර තිබේ.

එමෙන්ම කතෝලිත සභා ධර්මෝපදේශයේ 2267 වන ඡේදයට අනුව මරණීය දණ්ඩනය පිළිගත නොහැකි බව පැහැදිලි කිරීමට කැමති බවද එහි අවධාරණය කර තිබේ.

Author

Related Posts