‘TM App’ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක්- මහ බැංකුව නිවේදනය කරයි

1988 අංක 88 දරන බැංකු පනත අනුව සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ‘TM App’ තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක නියැලීම, පවත්වා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම සිදුකර ඇති බවට හඳුනාගෙන නිර්ණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් හඳුනාගෙන නිර්ණය කර ඇති ආයතන සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආයතන 25ක් හඳුනාගෙන නිවේදන පළකර තිබුණි.

Author

Related Posts