වාරණයෙන් ඉවත් කරන්නේ මහජන නියෝජිතයින්ගේ වත්කම් පමණක් බව ඇමති කියයි

මහජන නියෝජිතයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පමණක් මහජන ප්‍රවේශය ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි සභානායක ඇමති බිමල් රත්නායක අද (අගෝස්තු 06) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධි සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමින්ය.

සංශෝධිත පනත් කෙටුම්පත අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සංස්කරණය කර ලබාදෙන වත්කම් හා බැරකම් ප්‍රකාශ නම්කර ඇති පුද්ගලයන්ට හැර වෙනත් කටයුතු සඳහා භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්කර ඇත. ඉන් මහජන නියෝජිතයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පමණක් කෙටුම්පතේ ඇති වගන්තිය සංශෝධනයට ලක්කරන බව ඇමතිවරයාගේ පැහැදිලි කිරීම වේ.

දූෂණ විරෝධි පනත යටතේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම යටතට පත්වීමෙන් පසු ඒවා මහජන පරිශිලනය සඳහා එම කොමිසමේ වෙබ් අඩවියේ පළකළ අතර මෙම සංශෝධනය ගෙන ඒමට පෙර එම තොරතුරු සඳහා වන ප්‍රවේශය එම වෙබ් අඩවියෙන් ඉවත් කරනු ලැබීය.

Author

Related Posts