අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි හමුවී ඇත.
ඇමතිවරුන් දෙදෙනා කොළඹ අගරදගුරු නිල නිවසට පැමිණ අද (අගෝස්තු 06) කාදිනල් හිමියන් හමුවී ඇත.
එම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර පවසා ඇත්තේ අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාදිනල් හිමි දැනුවත් කළ බව හා එහිදී ජනතාවට සහනයක් වන සියලු දේ කිරීමට කාදිනල් හිමි උපදෙස් ලබාදුන් බවයි.
