රාජ්ය සේවකයින් පුද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගැනීම මගින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයට බඳවාගත් සේවකයන් වෙනත් කටයුතුවලට යෙදවීම සම්බන්ධයෙන් අකිල විරාජ් කාරියවසම්ට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (අගෝස්තු 05) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් තිබේ.
