(අසේල කුරුළුවංශ)
මධ්‍යම පළාත් ආණ්ඩුාකර ධුරයට විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතය. ඒ මහතා ආණ්ඩුකාර ධුරයේ අද (05) පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
ආණ්ඩුකාර ධුරය සඳහා නම් කරන විට ඒ මහතා මහනුවර දිස්ත්‍රික් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ධුරයේ කටයුතු කළේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ කටයුතු කළ මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර පුටුව පසුගිය මස 21 දා සිට පුරප්පාඩුව පැවතිණි.
