සලේගේ නඩුවේ අතරමැදි පෙත්සම්වලට නීතිපති විරුද්ධ වේ

රැඳවුම් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වීම සඳහා බෙංගමුවේ නාලක හහිමි ඇතුළු හිමිවරුන් පිරිසක් සහ තවත් අය ගොනුකර අතරමැදි පෙත්සම්වලට අවසර දීමට විරුද්ධ බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ඒ බව දැනුම් දී ඇත්තේ අගෝස්තු 04 දින එම පෙත්සම් අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

බෙංගමුවේ නාලක, අහුන්ගල්ලේ සිරි ගුණානන්ද, යාපනයේ සුගතවංශ, මැදගොඩ අභයතිස්ස යන හිමිවරුන්ද, ගුණදාස අමරසේකර, වසන්ත බණ්ඩාර සුරේෂ් සලේගේ පෙත්සමට පක්ෂව අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇති අතර මැල්කම් කාදිනල් රංජිත් හිමි සුරේෂ් සලේගේ පෙත්සමට එරෙහිව අතර මැදි පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එහිදී අතිරේක සොපලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දැනුම් දී ඇත්තේ කල්පසුවීමෙන් පසුව පෙත්සම්වලට මැදිහත්වීමට අවසර නොමැති බවය.

Author

Related Posts