අකිල විරාජ් රජයේ සේවකයන් ෂෙඩ් එකේ වැඩට යොදවලා

එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විමධ්‍යගත පරිපාලන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වශයෙන් කටයුතු කරමින් තමාගේ කාර්ය මණ්ඩලය සඳහා යැයි බඳවාගත් සේවකයන් 3 දෙනෙකු ඔහුට අයත් ඉන්ධන පිරවුම්හලක සේවයට යොදා ගැනීමේ චෝදනාව මතය.

ඊට අමතරව එසේ ඔහුගේ කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගත් තවත් සේවකයකු තනතුරට අදාළ වෙන්කර තිබූ කාර්යාලයේ රාජකාරි සඳහා යොදවා ගැනීමකින් තොරව රජයෙන් වැටුප් හා දීමනා ගෙවා ඇත.

එසේ රජයෙන් වැටුප් හා දීමනා ගෙවීමෙන් රුපියල් 2,768,836.14ක් රජයට පාඩු සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම ඔහුට එරෙහි චෝදනාව වේ.

අත්අඩංගුවට ගත් අකිල විරාජ් කාරියවසම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Author

Related Posts