හිරේ වෙනුවට නිවාස අඩස්සියේ ඉන්න නීති සැකසේ

බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සැකකරුවන් හා වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා විධිවිධාන හඳුන්වාදීමට සකස් කර ඇති පනත් කෙටුම්පත කඩිනමින් නිම කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම පිණිස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති හර්ෂණ නාවායක්කාර විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

පැවති ඇමති මණ්ඩල ලබාදී ඇති ප්‍රතිපත්තිමය අනුමැතිය මත නීති කෙටුම්පත් සම්පාදක විසින් ඒ සම්බන්ධයෙන් වන කටයුතු ආරම්භ කර ඇති අතර එම පනත් කෙටුම්පත තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමතිවරයා 2025 ජුනි 23 පැවති ඇමති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව එම කෙටුම්පතට කවදුරටත් ඇතුළත් කළ යුතු විධිවිධාන හඳුනාගැනීම සිදුකර ඇති බැවින් ඒවාද ඇතුළත් කරමින් පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කිරීමට වත්මන් අනුමැතිය ලබාදී තිබේ.

Author

Related Posts