මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයන්හි විෂය පථයන්ට අදාළ මහජන පැමිණිලි භාරගැනීම සහ තොරතුරු ලබාදීම සඳහා විශේෂයෙන් ස්ථාපිත කරන ලද 118 මහජන ආරක්ෂක සේවා මැදිරිය, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී නිල වශයෙන් විවෘත කර තිබේ.
මහජනතාවට සිය පැමිණිලි සහ තොරතුරු පහසුවෙන් ඉදිරිපත් කිරීම සඳහා 118 ගාස්තු විරහිත දුරකථන අංකය සහ 118.pubsec.gov.lk නිල වෙබ් අඩවිය යන ක්‍රමවේද දෙක හඳුන්වා දී ඇති අතර, එමගින් දිවයින පුරා සිටින ජනතාවට අදාළ රාජ්‍ය ආයතන පිළිබඳ සිය පැමිණිලි සහ තොරතුරු නොමිලේ මෙන්ම මාර්ගගතව (Online) ද පහසුවෙන් යොමු කිරීමේ හැකියාව සලසා ඇත.
පැමිණිලි ඉදිරිපත් කළ හැකි ආයතන
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් පහත සඳහන් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් වන මහජන පැමිණිලි සහ තොරතුරු මෙම සේවාව හරහා භාරගනු ලැබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
මෙම සේවා මැදිරිය හරහා රාජ්‍ය ආයතනයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, මහජනතාව සහ අමාත්‍යාංශය අතර පවතින සෘජු සන්නිවේදනය තවදුරටත් ශක්තිමත් කිරීමත් අපේක්ෂා කරන බව පැවසේ.
