අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටියදී පලායාමට කුමන්ත්රණය කළ බවට නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ගොනුකර තිබූ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය අද තීරණය කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්රණය කිරීමේ සිද්ධියට අදාළව ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනාට එරෙහිව දණ්ඩ නීති සංග්රහය යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා පවත්වාගෙන යාමට නෛතික බාධාවක් නොමැති බව ප්රකාශ කළ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා සහ නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු විත්තිකාර පාර්ශ්වයේ නීතිඥ මණ්ඩලය මතුකළ මූලික විරෝධතා පිළිගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්රයේ රඳවා සිටියදී නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා’ නැමැත්තා ඉන් පලායාමට උත්සාහ කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ත්රස්තවාදය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්රහය යටතේ විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ මෙලෙස අධිචෝදනා ගොනුකර තිබුණි.
