ෂැංග්‍රිලා අල්ලස් චෝදනාව, සජින් වාස් ගුණවර්ධනගෙන් පැය තුනක ප්‍රකාශයක්

ෂැංග්‍රිලා හෝට­ල­යට හමුදා මූල­ස්ථා­නය පිහිටි ඉඩම විකි­ණීමේ ක්‍රියා­ව­ලි­යේදී ඇති වූවා යැයි පැවසෙන අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණ­ව­ර්ධන ඊයේ (27) අල්ලස් කොමි­සමට පැමිණ තිබේ.

ඉඩම විකිණීමේ ක්‍රියාවලියේදී අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 5ක අල්ලස් මුද­ලක් ලබා ගත් බවට චෝදනා කර­මින් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභා­වට ලද පැමි­ණි­ල්ලක් අනුව මෙම විම­ර්ශන ආරම්භ කර තිබේ. කොමි­සම විසින් සිදු කළ දැනුම් දීම­කට අනුව එහි පැමිණි සජින් වාස් ගුණවර්ධන පැය තුන­කට ආසන්න කාල­යක් ප්‍රකා­ශ­යක් දී ඉන් පිටව ගොස් තිබේ.

අල්ලස, දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය කළ පැමිණිල්ලකට අනුව, ප්‍රකාශයක් ලබාගැනීම සඳහා සජින් වාස් ගුණවර්ධන කොමිසම හමුවට කැඳවා ඇත.

සිංගප්පූරු ජාතික විදම්බරම් නැමැත්තෙකුගේ දිවුරුම් ප්‍රකාශයකට අනුව ‘ටී.පී.එල්. ඉත්මා’ සහ ‘හෙලියාට්’ උපදේශන සමාගම් මගින් ලබාදුන් මුදල්, තංගල්ලේ හෝටලයක් මිලදී ගැනීමට සහ CSN මාධ්‍ය ජාලයට ලබාදී ඇති බවට අදාළ පැමිණිල්ලෙන් චෝදනා කර තිබේ. මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ සජින් වාස් විසින් මීට පෙර මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පදනම් කරගනිමිනි.

Author

Related Posts