ශ්‍රී ලංකාවේ ඉන්දියානු ව්‍යාපෘතිවල ගැටලු සාකච්ඡා කෙරේ

ඉන්දියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවල පවතින ගැටලු සහ ඒවාට විසඳුම් ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු අතර අද (27) පවත්වා තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය දැනුවත් කරන්නේ මෙම මෙම සාකච්ඡාවේදී, මහාමාර්ග සහ නාගරික සංවර්ධනය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්, නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදනය, ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා සහ තාක්ෂණ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇතුළු අමාත්‍යංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් ඉදිරියට පවත්වාගෙන යාම සහ දිට්වා සුළි කුණාටුවෙන් වූ හානි ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියානු රජයෙන් ලබාදුන් ඩොලර් මිලියන 450ක ණය හා ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි.

එසේම, අදාළ ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටද මෙහිදී සාකච්ඡා කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading