ජනාධිපති මන්දිර ගැන විගණකාධිපති වාර්තාව සත්‍යයක්- වාර්තාවේ තවත් අඩුපාඩු පෙන්වා දීලා

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති බව හා ඒ සම්බන්ධයෙන් පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළද, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2025 වර්ෂයට අදාළ ජනාධිපති කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ ඇතුළත් කර ඇති විගණකාධිපතිවරයාගේ වාර්තාවේ මාධ්‍ය සඳහන් කර ඇති එම කරුණු ඇතුළත් වේ.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් වන්නේ, ‘2025 වර්ෂයේදී රටපුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන් අරන් මැයෙන් පලවී ඇති පුවත අසත්‍ය වන අතර, 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂක අංශයේත්, මාධ්‍ය සහ අනෙකුත් අංශවලත් නිලධාරීන් රාජකාරිමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන් ගෙන ඇත.’ යනුවෙන්ය.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ ‘එහෙත් මේ නිලධාරීන් කිසිවෙකු ජනාධිපති පමන්දිරවල නවාතැන් ගෙන නොමැත.’ යන්නය.

එහෙත් එම විගණකාධිපති වාර්තාවේ ජනාධිපති මන්දිර නඩත්තු වියදම් යටතේ සඳහන් වන්නේ,

(i) ‘2025 වර්ෂය තුළදී ජනාධිපති මන්දිර 07 හි පවත්වන ලද රැස්වීම් සංඛ්‍යාව 03ක් සහ නවාතැන් ගනු ලැබූ පුදග්ලයන් සංඛ්‍යාව 3089ක් වූ අතර, වර්ෂය තුළදී මන්දිර 7 සඳහා දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් වියදම් සඳහා රු. 32,982,675 ක් දරා තිබුණි.’

(ii) ‘එසේම, කතරගම, මහියංගනය හා බෙන්තොට මන්දිරවල වර්ෂය තුළදී කිසිඳු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් හෝ සිදුකර නොතිබියදීත් දුරකථන, විදුලිය සහ අනෙකුත් වියදම් සඳහා රු. 2,447,754 ක මුළු වියදමක් දරා තිබුණි.’ යන්නය.

එම විගණකාධිපති වාර්තාවේ ජනාධිපති කාර්යාලය සම්බන්ධයෙන් අඩුපාඩු රැසක් පෙන්වා දී ඇති අතර එම විගණකාධිපති වාර්තාව පහතින් දැක්වේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading