සිය තේරීම්වලට මෑතක සිට බලපෑම් එල්ල වන බව ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ ඉතිරිව සිටි සාමාජිකයන් තිදෙනාද ඉල්ලා අස්වී තිබේ.
විශ්‍රාමික කර්නල් ලාල් ජයතිලක, රවී විද්‍යාලංකාර හා ඩී ඒ දයාරත්න යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටු සාමාජිකයන් ඔවුන්ගේ ඉල්ලා අස්වීම්වලට අදාළ ලිපි අද (ජුලි 27) ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට බාරදී තිබේ.
පස් දෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරිම් කමිටුවේ සභාපතිත්වය දැරූ උපාලි කුමාරසිරි මීට වසරකට පමණ පෙර ඉල්ලා අස්වී තිබුණ අතර අනෙක් සාමාජිකාවක වූ සාරංගි ද සිල්වාද ඉල්ලා අස්වී තිබුණි.
එම ඉල්ලා අස්වීම්වලට අදාළ පුරප්පාඩු මෙතෙක් පුරවා නොතිබුණ අතර මෙම සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුව කිසිඳු සාමාජිකයකු නොමැති එකක් බවට පත්වී තිබේ.
