අර්ච්චුනාට වරෙන්තු

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) වරෙන්තු නිකුත් කර තිබේ.

පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර මන්ත්‍රීවරයා කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදීම, රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව මන්ත්‍රීවරයාට එරෙහිව පවරා ඇති නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙන්ම ඔහුගේ ඇපකරුවන්ද අධිකරණයේ පෙනී සිට නොසිටි අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස අධිකරණය හමුවට පැමිණීම මඟහැරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.

Author

Related Posts