සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් උපයා ගන්නා ලද මුදල් වලින් රැස්කර ගත්තේ යැයි සැක කෙරෙන රත්ගම ප්‍රදේශයේ රුපියල් කෝටි 15ක් වටිනා දේපළ කිහිපයක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ වැලැක්වීමේ පනත ප්‍රකාරව ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් සිදුකරන විමර්ශනයක් අනුව එම ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර ජුලි 23 දින සිට දින 07ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝගය නිකුත් කර ඇත.
සැකකරු හා සැකකරුගේ බිරිඳගේ සහෝදරයා විසින් නීති විරෝධිව උපයා ගන්නා ලද මුදලින් සැකකරුගේ බිරිඳගේ මවගේ නමින් එම දේපල මිලදී ගෙන තිබේ.
ඒ අනුව රත්ගම ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 6ක් වටිනා පර්චස් 13.72ක ඉඩම හා එහි ඇති තෙමහල් ගොඩනැගිල්ල, රුපියල් කෝටි 4.5ක් වටිනා පර්චස් 9.10ක ඉඩම හා ඇති අඩක් නිමකරන ලද තෙමහල් ගොඩනැඟිල්ල, රුපියල් කෝටි 2.5ක් වටිනා පර්චස් 12.33ක ඉඩම හා රුපියල් කෝටි 2ක් වටිනා පර්චස් 9.88 ඉඩම හා ඇති තනි මහල් නිවස යන දේපල ක්‍රියා විරහිත කර තිබේ.
