අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නිකුත් කර ඇති වරෙන්තුව සිය වරප්‍රසාද කඩ කිරීමක් බවත්, ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (ජුලි 24) නියෝජ්‍ය කතානායකගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද අදහස් දක්වමින් එම වරෙන්තු නිකුත් කිරීම අර්චුනා මන්ත්‍රීවරයාගේ වරප්‍රසාද කඩකිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබදෙන ලෙස ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි එම ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මහලේකම් මාර්ගයෙන් ඒ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දීමක් සිදුකරන බවයි.
