දූෂණ චෝදනා මත දකුණු පළාතේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු අත්අඩංගුවට

දකුණු පළාතේ හිටපු ප්‍රධාන ලේකම්වරයකු වූ රන්නුළු චන්ද්‍රසිරි ද සොයිසා දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (ජුලි 24) අත්අඩංගුවට ගෙන තිබේ.

එම කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ විෂය පථය යටතේ පවත්වාගෙන යන දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 16.5ක දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදනවලින් 2019 වර්ෂයේදී ස්වෙච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හිටපු පළාත් ලේකම්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුටු ලබාදීමේ ව්‍යාපෘතියේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදුකිරීම මගින් රජයට පාඩුවක් සිදුකිරීම යන දූෂණ චෝදනාව ඔහුට එරෙහිව එල්ල කර තිබේ.

Author

Related Posts