ලොව බලවත්ම ගමන් බලපත්‍ර අතර ශ්‍රී ලංකාව ඉදිරියට

2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) 94 වැනි ස්ථානය දක්වා සිය ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය සමත්ව තිබේ.

මෙය මෑත වසරවලදී ලංකාව වාර්තා කළ ඉහළම ස්ථානය වන අතර, 2021 වසරේ 107 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව 2024 සහ 2025 වසරවල පැවති 96 වැනි ස්ථානයද අභිබවා මෙලෙස ඉදිරියට පැමිණ ඇත.

පූර්ව වීසා බලපත්‍ර රහිතව සංචාරය කිරීමේ හැකියාව පදනම් කරගනිමින් ගමන් බලපත්‍ර 199 ක් සහ ගමනාන්ත 227 ක් ඇතුළත් කරමින් සකස් කළ මෙම දර්ශකයේ ප්‍රමුඛතම ස්ථානය රැකගනිමින් ලොව බලවත්ම ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව තේරී පත්වෙද්දී, අෆ්ගනිස්ථානය එහි අවසන් ස්ථානයේ රැඳී සිටියි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading