රුධිර පරීක්ෂාවට වැඩිපුර රු.150 ගත්තැයි මිලියන 3ක් දඩ

රුපියල් 400ක පාලන මිලක් නියම කර ඇති Full Blood Count (FBC) රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 550 බැගින් අය කර ඇති පෞද්ගලික ආයතනයකට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කර ඇත.

මෙලෙස නියමිත පාලන මිල ඉක්මවා රුපියල් 150ක් වැඩියෙන් අය කර ඇත්තේ යාපනය, පලාලි පාරේ කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් විසින් වන අතර, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම අයකිරීම අනාවරණය කරගෙන තිබුණි.

ඊට අමතරව, සිදුකරන ලද අදාළ වරද සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයේම වියදමින් ප්‍රධාන පුවත්පත්වල විශේෂ දැන්වීමක් පළ කිරීමට ද අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර ඇත.

පෞද්ගලික රෝහලකින් හෝ රසායනාගාරයකින් සේවාවක් ලබාගැනීමේදී ඔබ ගෙවන සෑම මුදලකටම නිවැරදි බිල්පතක් ලබාගැනීම පාරිභෝගික අයිතියක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. එබැවින් නියමිත පාලන මිල ඉක්මවා මුදල් අයකරන ආයතන පිළිබඳව 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ අධිකාරිය වෙත පැමිණිලි කිරීමට ද පියවර ගත හැකිය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading