බීබීසියට වරප්‍රසාද කමිටුවට අද එන්න එපා කියලා

පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත අද (ජුලි 23) පැමිණීම අවශ්‍ය නැති බවට බීබීසී සිංහල වෙබ් අඩවියට ඊමේල් මාර්ගයෙන් දැනුම් දීමක් ලැබී ඇති බව වාර්තාවේ.

එමෙන්ම ඒ පිළිබඳ ඉදිරියේදී දැනුම් දීමක් සිදුකරන බවද එම ඊමෙල් දැනුම් දීමේ ඇතුළත් වන බව වැඩිදුරටත් වාර්තාවේ.

පාර්ලිමේන්තුවේ කාරක සභාවක් නොවන මන්ත්‍රීවරියන්ගේ සංසදය අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන ළමයකු ලිංගික දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජාතික ළමාරක්ෂක අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ගෙන්වා සිදුකළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් වාර්තා කිරීම හේතුවෙන් බීබීසි සිංහල වෙබ් අඩවියේ කර්තෘවරිය හා මාධ්‍යවේදියකු මෙසේ පාර්ලිමේන්තු ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාවට කැඳවා තිබුණි.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවක වන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර එම වාර්තා කිරීම මගින් ඇයගේ වරප්‍රසාද කඩවූ බවට කරන ලද පැමිණිල්ලක් අනුවය.

Author

Related Posts