අගමැතිනියව දුරදක්නයෙන් නිරීක්ෂණය කළ සැකකරුවන්ට ඇප

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ පැමිණීම දුරදක්නයකින් නිරීක්ෂණය කළ බවට චෝදනා ලබා සිටි සැකකරුවන් තිදෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.

කොළඹ පිහිටි හෝටලයක පැවැති උත්සවයකට අග්‍රාමාත්‍යවරිය පැමිණි අවස්ථාවේදී, කිලෝමීටර එකහමාරක පමණ දුරක් ගෙවාගෙන පැමිණ මෙම නිරීක්ෂණය සිදුකළ බව කියන සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් හඳුනාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පෙරේදා (21) නියෝග කර තිබුණි.

කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ කින්නියා සහ මොල්ලිපෝතාන ප්‍රදේශවල පදිංචි සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු මෙම සැකකරුවන් තිදෙනා කොළඹ රැකියාවල නිරත වන බව පැවසුවද, ඔවුන් දැනට කොළඹ රැඳී සිටින නිශ්චිත ලැගුම්හලක් හෝ පදිංචි ස්ථානයක් පිළිබඳව තොරතුරක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට වැඩිදුරටත් නියෝග කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading