හිටපු ඇමති සී බී රත්නායකට එරෙහිව දූෂණ විරෝධි පනත යටතේ අධි චෝදනා ගොනු කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ජුලි 21 දින දැනුම් දී ඇත.
වසර දෙකක කාලයක් තුළ රුපියල් පන් කෝටි හැත්තෑතුන් ලක්ෂයකට (රු. 57,347,956.98) අධික අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාට චෝදනා එල්ල වී ඇත.
2011 මාර්තු 31 සිට 2013 මාර්තු 31 දක්වා කාලය තුළ උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි වියදම් සිදුකරමින් දේපල මිලදී ගැනීම මෙම චෝදනා සඳහා හේතු වී තිබේ.
කෝටි ගණනාවක් වටිනා ඉඩමක් රාගලින් මිලදී ගැනීම, එන්බීආර් සන් නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම, තීරු බදු පරහිත වාහන බලපත්‍ර ලබා ගැනීම, සිය හිතවතුන් සඳහා ඩුබාහි සංචාරවලට මුදල් සැපයීම, හිතවතකුගෙන් රුපියල් කෝටියක් ලබා ගැනීම හා ඔහුගේ සහෝදරයකුගෙන් රුපියල් කෝටියක් ලබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හිටපු ඇමතිවරයාට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
