ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් දිස්නා කාරියවසම් මහත්මිය එහි ප්‍රථම කාන්තා සහකාර බන්ධනාගාර අධිකාරිවරිය ලෙස පත්ව තිබේ. 2026 ජූලි 20 වන දින පැවැති තරගකාරී සම්මුඛ පරීක්ෂණයක් සාර්ථකව සමත් වීමෙන් අනතුරුව ඇය මෙම තනතුරට තේරී පත්ව ඇත.
දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උපත ලබා ඇති දිස්නා කාරියවසම් මහත්මිය, මීට වසර 30කට ආසන්න කාලයකට පෙර බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක්ව ඇත්තේ කාන්තා බන්ධනාගාර නියාමකවරියක ලෙසයි.
සිය සේවා කාලය තුළ ඇය ගාල්ල බන්ධනාගාරය, මාතර බන්ධනාගාරය, වැලිකඩ කාන්තා අංශය, බදුල්ල බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය, මහර බන්ධනාගාරය සහ බන්ධනාගාර මූලස්ථානය ඇතුළු ආයතන රැසක රාජකාරි කර තිබේ.
මීට අමතරව ඇය මනෝවිද්‍යාත්මක උපදේශනය, අපරාධ විද්‍යාව සහ පුනරුත්ථාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලා ද සම්පූර්ණ කර ඇත.
