වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත අද (ජුලි 22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවිය.

එය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් සිදුකළ අතර එය හඳුන්වා ඇත්තේ මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීමය ප්‍රමිති හඳුන්වා දීමේ සහ පවත්වාගෙන යාමේ අරමුණින් ශ5ී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය පිහිටුවීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිෂ වූ පනත් කෙටුම්පතක් වශයෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මාධ්‍ය සංවිධාන වන ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය විරෝධය මේ වනවිට පළකර තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading