2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබා සිටින හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
අධිකරණය මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව අද දින පෙනී සිටි හිටපු නාවික හමුදාපතිවරයා තමන් වෙත ඉදිරිපත් කළ චෝදනා පත්‍රයට නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට නියෝග කරමින් නඩුව නැවත විභාගය සඳහා දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට නියම කළේය.
