ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කර ඇත.
එම පත්වීමට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (ජුලි 22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ලබාදී ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කළ ආසිරි කරුණාවර්ධන මහතා මීට පෙර ජාථීක ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ බවයි.
