හෝමාගම කටුවන කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ශාලාවක අද (21) උදෑසන ඇති වූ ගින්නකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හෝමාගම පොලීසිය පවසා තිබේ. කර්මාන්ත ශාලාව තුළ සිර වූ පුද්ගලයන් තවත් පිරිස් සිටී දැයි පොලිසිය සොයා බලන බව වාර්තා වේ.
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක හට ගෙන ඇති මෙම ගින්නත් සමඟ සමස්ත ප්‍රදේශයම කළු දුමාරයෙන් වැසී ගොස් ඇති අතර, එය වේගයෙන් පැතිර යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන ඇත.
කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි ප්‍රයත්නයක නිරත වූ අතර, මෙම අනතුරට හේතුව සහ සිදුවූ දේපළ හානිය පිළිබඳව හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
