දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මත සිදුකළ විමර්ශනයකින් විරාජ් රශ්මික ඝාතන විමර්ශනවලට අදාල වන කරන්දෙණිය පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.
මෙයට හේතු වී තිබෙන්නේ ලොකු පැටී නම් අපරාධකරුගේ වෙඩික්කරු ලෙස මාධ්‍යවලින් හැදින්වූ විරාජ් රශ්මික ද සිල්වා හෙවත් අල්මේදා නම් පුද්ගලයා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි බව සටහන් යෙදීම සහ එම තොරතුරු සමාජ මාධ්‍යවලට ලබා දීම යන කරුණු මත පදනම්ව බව ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.
මේ පිළිබද අරුණ පුවත්පතේ පළ වූ පුවතක සදහන් වන්නේ අදාල පොලිස් පරීක්ෂකයා මෙම විරාජ් රශ්මිකගේ ඝාතනය පොලීසිය විසින් සිදුක බවට ‘වැරදි තොරතුරු‘ සමාජ මාධ්‍යවලට මුදා හැරීම මත අදාල නිලධාරියාගේ වැඩ තහනම් කළ බවයි. විරාජ් රශ්මික ඝාතනය පිළිබද විදෙස් රටවල ජීවත්වෙන යූටියුබ්කරුවන් ඇතුළු පිරිස් විසින් ‘සිද්ධිය පොලීසිය පිට වරද පටවමින්‘ ප්‍රචාරය කර ඇති බවද එහි සදහන් කර තිබුණි.
අරුණ පුවත්පතේ වාර්තාවේ සදහන් වන ආකාරයට මෙම පොලිස් පරීක්ෂකවරයා පිළිබද විමර්ශනය සිදු කර ඇත්තේ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ උපදෙස් මතය.
සමාජ මාධ්‍ය පිටුවක ගාල්ල දිසා අපරාධ කොට්ඨාශ පරිශ්‍රයේ කැඩී ගිය කණුවක කොටසක්, භෝජනාගාරයේ භාණ්ඩ තබන ලද කවරයක ඡායාරුපයක් යනාදිය සමාජ මාධ්‍යවලින් පළ කර තිබුණු අතර, මෙම ඡායාරූප වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා විසින් ගෙන්වාගත් එකක් බවට විමර්ශනවලදී සොයාගෙන ඇතැයි වාර්තා කර තිබුණි. අදාල ඡායාරූපය අදාල පොලිස් පරීක්ෂකවරයා විසින් තමාට කියා ගෙන්වාගත් බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයේ අරක්කැමියෙකු විසින් ප්‍රකාශ ලබා දී ඇත.
පොලිසියේ කීර්ති නාමයට හානිදායක අයුරින් ඡායාරූප, වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් පොලීසිය පිට පැටවිමට උත්සාහ කිරීම පිළිබද වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයාට චෝදනා එල්ල කර තිබේ.
මේ වන විට විරාජ් රශ්මික ඝාතනය පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරමින් පවතී. අදාල මරණය සම්බන්ධයෙන් විභාග වන නඩුවේ නඩු ගොනුව අධිකරණ සෙප්පුවේ තැන්පත් කරන ලෙස බද්දේගම මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා 20 වැනිදා නියෝග කළේය.
අල්මේදා නමැත්තාගේ මළ සිරුර ගිං ගඟේ පාවෙමින් තිබියදී ඉකුත් ජුනි 23 රාත්‍රියේ පෝද්දල පොලීසිය විසින් සොයාගනු ලැබීය. මුල් වරට ඒ සම්බන්ධයෙන් පොද්දල පොලිසිය බද්දේගම මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කළ අතර එහිදී මෙම සිද්ධියේ විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබීය. 38580/26 යන අංක සඳහන් නඩුව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් බද්දේගම අධිකරණයට කරුණු වාර්තා කලේය.
එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරික්ෂක කකරුණාරත්න මහතා සඳහන් කලේ තාරුකාර විරාජ් රශ්මික ද සිල්වා යන තැනැත්තාගේ මල සිරුර ගිං ගඟේ තිබි සොය ගත් අතර පවුලේ ඥාතින් සහ තවත් කාන්තාවක් විසින් මෘතදේහය හඳුනා ගත් බවයි. මෙම මිය ගිය පුද්ගලයා , ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත ගෙන ආ බවට සාක්ෂි ඇති බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සඳහන් කලේය.
ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත්, රැඳවුම් නියෝග ලබා සිටි ඒ අවස්ථාවේ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන විහඟ නැමැත්ත එකී දිවුරුම් ප්‍රකාශය ලබා දුන් බවද සඳහන් කලේය.
විහඟ නැමැත්තා අල්මේදා හමුවි කතා කර ඇති බවත්, ගාල්ල අපරාධ කොට්ඨාසය වෙත ගෙන අවස්ථාවේ දී ඔහු හඳුනන බව විමසු බවත් එම දිවුරුම් ප්‍රකාශ මගින් සඳහන් කල බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පෙන්වා දුන්නේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඳුම් කිහිපයක් සෙයාගෙන ඇති බවත් , cctv දර්ශන සහ , දුරකථන විස්තර වාර්තා සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කරන බවද සඳහන් කලේය , ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලෙ මෙම මිය ගිය පුද්ගලයා කුරුණෑගල මාවතගම වැවේ ගෙදර ප්‍රදේශයේ දී පැහැර ගැනීමකට ලක්ව ඇති බව විමර්ශන වලින් සොයා ගත් බවයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද සඳහන් කලේය.
එහිදී එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් DNA සාම්පල සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තා කැඳවීමට සහ එම මිය ගිය පුද්ගලයා අත්අඩංගුවට ගත් බව හිරු මාධ්‍ය ආයතනය පල කල පුවත සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට, නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම සිද්ධියේ ඇති සංවේදී භාවය සලකා නඩු ගොනුව අධිකරණ සෙප්පුවේ තබන ලෙස ද ඉල්ලා සිටියේය.
ඒ අනුව කරුණු සලකා බැලු බද්දේගම මහෙස්ත්‍රාත්වරයා අදාල නියෝග නිකුත් කර තිබුණි.
