බැසිල් අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා අද (ජුලි 21) වරෙන්තු නිකුත් කළේය.

ඒ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වන අතර මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව පවරා ඇත.

දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මග හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය. එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කළේය.

අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්ස් හිල්ස් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති, ඇයගේ ස්වාමියා වන තිස්ස ගලප්පත්ති හා මුදිත ජයකොඩි යන අයට එරෙහිව එම නඩුව ගොනු කර ඇත.

එම නඩුව නැවත ලබන අගෝස්තු 18 කැඳවීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading