ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහිව ගොනු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සහ පිරිමින්ට තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියකු වන ශාන්ත ජයතිලක විසිනි.

ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

අදාළ චක්‍රලේඛය මගින් මෙරට සංස්කෘතික හා සමාජයීය අගයන්ට හානි සිදුවන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවත් පවසමින් පෙත්සම්කාර පාර්ශවය මෙම නීතිමය පියවරගෙන තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීරණය කරමින් එය මෙසේ නිෂ්ප්‍රභ කර ඇත.

Author

Related Posts